විදෙස්

පාකිස්තාන මිසයිල ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තානයේ 8ක් ජීවිතක්ෂයට

පාකිස්තාන හමුදාව විසින් ඇෆ්ගනිස්තානයට ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇති බ​ව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙ​ම ප්‍රහාරය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් බුද්ධි අංශ තොරතුරු මත පදනම්ව ත්‍රස්ත විරෝධී මෙහෙයුමක් සිදු කළ බව පාකිස්තානය ප්‍රකාශ කර ඇති බවයි.

මෙ​ම ප්‍රහාරය පාකිස්තාන හමුදා සෙබළුන් 7 දෙනෙකුට මරු කැඳවමින් පසුගියදා ඇෆ්ගනිස්තානයෙන් එල්ලවූ ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් බවත් වැඩිදුරටත් වාර්තාවනවා.

පාකිස්තාන හමුදාව එල්ල කළ ප්‍රහාරයෙන් දරුවන් තිදෙනෙකු ඇතුළුව පුද්ගලයන් අටදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව​ත් සිය දේශසීමා හමුදාව ඊට ප්‍රතිචාර දක්වනු ඇති බව​ත් තලේබාන් රජය නිවේදනය කළ බව වැඩිදුරටත් සඳහන්.

එහි​දී ඇෆ්ගනිස්තානයේ නැඟෙනහිර පළාත කේන්ද්‍ර කරමින් පාකිස්තානයෙන් මිසයිල ප්‍රහාර දෙකක් එල්ලවී ඇති බවයි වාර්තාවන්නේ.

ඇෆ්ගනිස්තානය ත්‍රස්තවාදීන්ට රැකවරණය දෙන බවටත්, පාකිස්තානයේ සිදුවන ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා ඇෆ්ගනිස්තානයේ සහාය ලැබෙන බවටත් පාකිස්තානය චෝදනා කළද, එම චෝදනා තලේබාන් රජය ප්‍රතික්ෂේප කර ඇති බව වැඩිදුරටත් වාර්තාවනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button