දේශීය

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බහාලුම් නිදහස් කර ගැනීමට නොහැකිව තවමත් වරායේ

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බහාලුම් 1,500ක පමණ ප්‍රමාණයක් මුදල් ගෙවා නිදහස් කර ගැනීමට නොහැකිව වරායේ සිරවී ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයකරුවන්ගේ සංගමය පවසා තිබෙනවා.

ඒ අනුව වරායේ සිරවී ඇති බහාලුම් අතර, තිරිඟු පිටි, සහල්, සීනි, කඩල හා මිරිස් වැඩි ප්‍රමාණයකින් අඩංගු බව ද එම සංගමය සඳහන් කර තිබෙනවා.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ඉන්දියානු ණය ආධාර යටතේ එම බහාලුම් නිදහස් කර ගැනීමට අදාළ මුදල් ගෙවීම සම්බන්ධව මුදල් අමාත්‍යාංශය සමග ඉකුත් 22 දින සාකච්ඡාවක් පැවැත් වූ බවත් එළැඹෙන අවුරුදු සමය වනවිට එම බහාලුම් නිදහස් කර ගැනීම තම අපේක්ෂාව බව එම සංගමය තවදුරටත් පවසා තිබෙනවා.

එම භාණ්ඩ නිදහස් කර ගැනීම ප්‍රමාදවීමට සමගාමීව නැව්වලට ප්‍රමාද ගාස්තු ගෙවිය යුතු බවත් ඒ අනුව භාණ්ඩ මිල කිලෝග්‍රෑමයකට රුපියල් 10 – 35ත් අතර මිලකින් ඉහළ යන බවත් එම සංගමය පෙන්වා දී තිබෙනවා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button