විදෙස්

ඇෆ්ගනිස්තානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 21ක් මරුට

ඇෆ්ගනිස්තානයේ කන්දහාර් පළාතේ බැංකුවක් අසළ ඊයේ (22) සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 21 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති බ​ව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සිදුවූ බෝම්බ ප්‍රහාරයෙ​න් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි.

බෝම්බ පිපිරීම සිදුවී ඇත්තේ ඊයේ උදෑසන කන්දහාර් නගර මධ්‍යයේ පිහිටි බැංකුවක් අසල බවත්, ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු පාර්ශ්වයක් භාර ගෙන නැති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

අවම වශයෙන් පුද්ගලයන් 50 දෙනකු තුවාල ලබා ඇති බවත් එය මේ වසරේදී ඇෆ්ගනිස්තානයේ සිදුවූ විශාලතම බෝම්බ පිපිරීම බවත් එරට මාධ්‍ය සඳහන් කරනවා.

පිපිරීම සිදුවන අවස්ථාවේදී තලේබාන් සංවිධානයේ සාමාජිකයන් රැසක් සිය වැටුප් ලබා ගැනීම සඳහා බැංකුව අසල රැස්වී සිටි බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button