දේශීය

ඉන්දියාවෙන් නාවික හමුදාවට පාවෙන තටාකාංගනයක්

ඉකුත් අඟහරුවාදා (22) දින ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පාවෙන නැව් තටාකාංගනයක් (Floating Dock) ඉන්දියානු රජය විසින් ප්‍රදානය කිරීම සඳහා වූ ගිවිසුම අත්සන් කර තිබෙනවා.

ඇමරිකානු මිලියන ඩොලර් 20ක් වටිනාකමක් ඇති මෙම නැව් තටාකාංගනය ගෝවා ශිප්යාඩ් සමාගම විසින් ඉදිරි වසර 2 1/2 තුලදී ත්‍රිකුණාමලය නාවික තටාකාංගයේ ස්තාපිත කිරීමට නියමිත බවයි නාවික් හමුදාව පවසා තිබෙන්නේ.

නාවික හමුදාවේ විශාල ප්‍රමාණයේ නෞකාවන්ගේ දිය යට නඩත්තු සේවාවන් වෙනුවෙන් වසරකට වැයවන රුපියල් මිලියන 600ක පමණ මුදලක් ඉතිරි කර ගැනීමට හැකිවන බවයි නාවික හමුදාව පවසා තිබෙන්නේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button