දේශීය

රිය අනතුරකදී රක්ෂණ වන්දි ගන්න අලුත් ක්‍රමයක්

රිය අනතුරකදී තුන්වන පාර්ශ්වයේ වින්දිතයන්ට අධිකරණ ක්‍රියාමාර්ගයකින් තොරව කඩිනමින් වන්දි ලබාදීමේ වැඩපිළිවෙළ මාර්තු 01 වනදා සිට ආරම්භ කළ බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මේ බව සඳහන් කළේ, ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (22) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ, ඒ අනුව අනතුර සිදුවී වසරක් තුළ අදාළ රක්ෂණ ආයතනයට අයදුම් කිරීමෙන් උපරිමය රුපියල් ලක්ෂ 05ක් දක්වා වන වන්දි මුදල එම රක්ෂණ ආයතනයේ දිවයින පුරා පිහිටි ඕනෑම ශාඛාවකින් ලබාගැනීමේ හැකියාව ලැබෙන බවයි.

මේ අතර මෙරට රියදුරු බලපත්‍රය අවශ්‍ය විදේශිකයන්ට අප්‍රේල් 15 වනදා සිට ගුවන් තොටුපළේදීම ඒ සඳහා අයදුම් කර, ගුවන් තොටුපොළෙන් පිටතට පැමිණෙන විට රියදුරු බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙන බවද ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා වැඩිදුරටත් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button