විදෙස්

සෞදි අරාබියට ඩ්‍රෝන මිසයිල ප්‍රහාරයක්

සෞදි අරාබියේ ප්‍රධාන වරාය නගරයක් වන ජෙඩා (Jeddah) නගරයේ ඉන්ධන ගබඩා සංකීරණයකට ඊයේ (25) සවස ඩ්‍රෝන මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මෙම ප්‍රහාරයේ වගකීම යේමනයේ හෞතිස් (Houthis) නැමැති ත්‍රස්තවාදී කණ්ඩායම විසින් භාරගෙන ඇති අතර එය ලෝක ඉන්ධන මිල ඉහළ යැවීම සඳහා සිදුකළ බවයි ඔවුන් පවසන්නේ.

එම ප්‍රහාරය සෞදි අරාබියේ ප්‍රධානතම ඉන්ධන සැපයුම්කරුවා වන ඇරැම්කෝ (Aramco) සමාගමේ ගබඩාවකටයි එල්ල කර තිබෙන්නේ.

තවද ෆෝමියුලා 1 (Formula 1) තරඟයේ පළවන පුහුණු සැසිය අතරතුර මෙම ප්‍රහාරය එල්ල වී තිබෙන අතර ඇරැම්කෝ (Aramco) එහි ප්‍රධාන අනුග්‍රහකයෙක් ලෙස කටයුතු කරයි.

නමුත් මෙම ඉරිදා (27) පැවැත්වීමට නියමිත ෆෝමියුලා 1 (Formula 1) තරඟය (Saudi Arabian Grand Prix) කිසිඳු වෙනසකින් තොරව ඒ ලෙසම පවත්වන බවද නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button