දේශීය
පෝට් සිටි අධිවේගී මාර්ගය විවෘත කිරීමට සැලසුම්
කොළඹ ඉඟුරු කඩේ මංසන්ධියේ සිට කොළඹ වරාය නගරය දක්වා අධිවේගී මාර්ගය ලබන ජූලි මස විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
කිලෝමීටර් 5.3ක දිගින් යුත් එම මාර්ගය මංතීරු 4කින් සමන්විතයි.
එහි ඉදිකිරීම් වලින් 80%ක් පමණ මේ වන විට නිමවී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා.
එම අධිකාරිය පැවසුවේ, ඉඟුරු කඩේ පිවිසුම, පිටකොටුව පිවිසුම අලුත් මාවත පිවිසුම, ගාලු මුවදොර පිවිසුම සහ වරාය නගරයට ඇතුළු වීමේ පිවිසුම යන පිවිසුම් මාර්ග 05කින් නව අධිවේගී මාර්ගය සමන්විත බවයි.
මෙම අධිවේගී මාර්ගය වරායේ සිට බාධාවකින් තොරව කන්ටේනර් රථ බාහාලුම් ප්‍රවාහනය සඳහා නව ප්‍රවේශ මාර්ගයක් ලෙසද භාවිතයට ගනු ලබනවා.
ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය් ආධාර යටතේ ඒ සඳහා අය කෙරුණු මුදලා රුපියල් බිලියන28කට අධික බව සඳහන්.