කලා
දමිළ රංගන ශිල්පි ඩැනියෙල් බාලාජි අභාවප්‍රාප්ත වෙයි

දමිළ සිනමාවේ අති ජනප්‍රිය රංගන ශිල්පියෙක්වූ “ටීසී බාලාජි” නමින් ප්‍රකට ඩැනියෙල් බාලාජි අභාවප්‍රාප්තවී තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, හෘදයාබාධයක් හේතුවෙන් ඔහු ඊයේ (29) චෙන්නායිහිදී අභාවප්‍රාප්තවී ඇති බවයි.
ඩැනියෙල් බාලාජි අභාවප්‍රාප්තවන විට 48 හැවිරිදි වියේ පසු වුණා.
දෙමළ චිත්‍රපටවල ප්‍රතිවීර චරිත රැසකට පණපොවා ඇති ඩැනියෙල් භාරතයේ මෙන්ම මෙරට සිනවා ලෝලීන්ගේ හදවත් දිනාගත් රංගන ශිල්පියෙක් වන අතර “වෙට්ටයියාඩු විලයාඩු” සහ “වඩා චෙන්නායි” වැනි දමිළ චිත්‍රපටවල සුවිශේෂී චරිත නිරූපණය කළ අති දක්ෂ රංගන ශිල්පියෙක්.
ඔහුගේ හදිසි වියෝව ඔහුගේ රසිකයින් සහ දෙමළ චිත්‍රපට ක්ෂේත්රයේ විශාල කම්පනයකට හේතුවී ඇති අතර දමිළ නළුවන්, අධ්යක්ෂවරුන් සහ නිෂ්පාදකයින් රැසක් අද දිනයේදී ඔහුට අවසන් ගෞරව දැක්වීමට නියමිතයි.