දේශීය

ඉන්දියාවෙන් තවත් ණයක්

අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියන 1.5ක ණය පහසුකමක් ඉල්ලා ඇතිබව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

මහ බැංකු අධිපති විසින් ඊයේ (28) දින රොයිටර්ස් පුවත් සේවයට මෙය ප්‍රකාශ කළ බවයි ඔවුන් පවසන්නේ.

මෙරට වසර දෙකක් තුළ විදේශ විනිමය සංචිත 70% කින් පහත වැටීමෙන් පසු මිලියන 22 ක ජනතාව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයන සඳහා ගෙවීමට අරගල කරමින් සිටින අතර ගෝලීය ණය දෙන්නන්ගෙන් උපකාර ලබා ගැනීමට උත්සාහ කරන බවත් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button