දේශීය

න​ව සරසවි ආචාර්යවරුන් බඳවා ගන්න අවසර

විශ්වවිද්‍යාල සඳහා අලුතින් ආචාර්යවරුන් බඳවා ගැනීමට අවසර ලබාදී ඇති බ​ව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහ​තා සඳහන් කළේ බොහෝ ආචාර්යවරුන් මෙරට හැර විදේශ රටවලට ගොස් ඇති බවයි.

ඒ හේතුවෙන් සියලුම විශ්වවිද්‍යාලවල පුරප්පාඩු බොහොමයක් පවතින බව සභාපතිවරයා පවසනවා.

මහාචාර්යවරයා සඳහන් කළේ, එම කරුණු සලකා බලා අලුතින් අචාර්යවරුන් බඳවා ගැනීමට අවස්ථාව ලබාදුන් බවයි.

මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප්‍රකාශ කළේ, සමස්ත විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් 6200 ක් පමණ සිටි බවයි.

පසුගිය වසරේ ඉන් බොහෝ පිරිසක් මෙරට හැරගොස් ඇතැයි එම සම්මේලනය පෙන්වාදී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button