දේශීය

“ඩීසල් නැහැ, පෝලිම්වල ඉන්න එපා” – ඛනිජ තෙල් නීතිගත සංස්ථාව

හෙට (30) සහ අනිද්දා (31) දෙදින තුළ ඩීසල් ලබාගැනීම සඳහා සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල රැඳී නොසිටින ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මහජනතාවගෙන් ඉල්ලීමක් කර ඇති බවට වාර්තා වේ.

අද (29) සවස ගොඩබෑමට නියමිතව තිබූ ඩීසල් මෙට්‍රික් ටොන් 37,500ක් සහිත නෞකාවේ ඩීසල් ගොඩබෑමට නොහැකි වූ වීම මෙයට හේතුව බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසා ඇත.

නමුත්, අත්‍යවශ්‍ය සේවා සඳහා ඩීසල් සැපයුම අඛණ්ඩව සිදුකෙරෙන බවද දැනුම් දී ඇත.

පෙට්‍රල් බෙදාහැරීම පිළිබඳව කිසිඳු ගැටලුවක් නොමැති අතර මහජනතාවට සාමාන්‍ය පරිදි පෙට්‍රල් ලබාගත හැකි බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කර ඇත.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button