දේශීය

මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එකම දිනක පැවැත්වීමට මේ අවස්ථාවේ නොහැකි බව මැතිවරණ කොමිසම පවසනවා.

එහි ‍ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු පැවසුවේ, මෙරට මැතිවරණ පැවැත්වීමේ ක්‍රමවේදය අනුව එය ප්‍රායෝගික නොවන බවයි.

එමෙන්​ම ජනාධිපතිවරණය සඳහා නිකුත් කෙරෙන්නේ මුළු දිවයිනටම එක් නිල ඡන්ද පත්‍රිකාව​ක් පමණක් බව මැතිවරණ කොමිසම සඳහන් කළා.

නමු​ත් මහ මැතිවරණය සඳහා මැතිවරණ දිස්ත්‍රික් 22 ක සඳහා ඡන්ද පත්‍රිකා 22 ක් නිකුත් කිරීමට සිදුවන බව එහිදී පෙන්වාදෙනවා.

එමෙන්ම මැතිවරණ කොමිසම පෙන්වාදෙන්නේ, මැතිවරණ දෙකක් එක් අවස්ථාවක පැවැත්වීම හා එහිදි ඡන්දය ප්‍රකාශ කිරිම පිළිබඳ මෙරට ඡන්ද දායකයින්ට නිසි දැනුමක් නොමැති වීමද ප්‍රධාන ගැටලුක් බවයි.

ඇතැම් දේශපාලන පක්ෂ  මහ මැතිවරණය සඳහා තර​ඟ කළද ජනාධිපතිවරණයේදී ඔවුන් වෙනත් අපේක්ෂකයෙකුට සහය පල කර තරඟ නොකර සිටීම හේතුවෙන්ද යම් ගැටලුකාරී තත්ත්වයක් උද්ගත විය හැකි බව එම කොමිසම පවසනවා.

මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ මෙවැනි ප්‍රායෝගික ගැටලු කිහිපයක් හේතුවෙන් ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එක් දිනක පැවැත්වීමට මේ අවස්ථාවේ සිදු කළ නොහැකි බවයි. 

ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එක් දිනක පැවැත්වීම සඳහා මෙතෙක් කිසිදු පාර්ශ්වයක් තමන්ගෙන් ඉල්ලීමක් නොකළ බව මැතිවරණ කොමිසම වැඩිදුරටත් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button