දේශීය

රෝහල්වල අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයක්

ඖෂධ වර්ග 40ක් ඇතුළු අත්‍යාවශ්‍ය වෛද්‍ය ද්‍රව්‍ය කිහිපයක හිඟයකට මෙරට මේ වන විට මුහුණ දී සිටින බව ඖෂධ සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා ප්‍රකාශ කර තිබෙනවා.

දිවයිනේ රෝහල්වලට ඖෂධ වර්ග 1325ක් සපයන බවද ඉන් ඖෂධ වර්ග 400ක් අත්‍යාවශ්‍ය ඖෂධ බවත්, 10ක් ජීවිතාරක්ෂක ඖෂධ බවත්, දැනට අවශ්‍ය ඖෂධ වර්ග 40 අතර සමහරක් හදවතේ රුධිර කැටි ගැසීම වළක්වන අත්‍යාවශ්‍ය ඖෂධ වන බවද වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කර ඇත.

ඒ අනුව, ඖෂධ හිඟය පියවීම සඳහා රජය ජාත්‍යන්තර සංවිධාන කිහිපයක සහාය ඉල්ලා ඇති අතර ඩොලරයේ මිල වැඩිවීම නිසා ඖෂධ සඳහා වෙන් කරන අයවැය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඖෂධ මිලදී ගැනීම සඳහා වෙන් කරන මුදල වැඩි කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බවද ඒ මහතා පවසා ඇත.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button