දේශීය
සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්
2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව පාසල් අයැදුම්කරුවන්ට විදුහල්පතිවරුන් මාර්ගයෙන් විභාග ප්‍රවේශ පත්‍ර ලබාගත හැකියි.
එමෙන්ම පෞද්ගලික අයැදුම්කරුවන්ට තැපැල් මගින් විභාග ප්‍රවේශපත් යොමු කෙරෙනු ඇති.
සාමාන්‍ය පෙළ විභාගය ලබන 6 වැනි දා ආරම්භ කිරීමට නියමිතයි.
ඒ අනුව විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, ලබන 15 වැනි දා දක්වා විභාගය පැවැත්වෙන බවයි.
මෙවර විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 452,979 ක්.