ඉන්දියාවේ සහය අරන් මන්නාරම ජාත්‍යන්තර වාණිජ නගරයක් කරනවා – මනූෂ
පෙර අපරදිග ලෝකය එකට මුනගැස්සූ මාන්තොට වරාය අතීත ලංකාවේ පිහිටි ”පෝර්ට් සිටි” දෙකෙන් එකක් බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායකකාර මහතා පවසනවා.
අමාත්‍යවරයා පවසන්නේ, කළාපයේ දැවැන්ත ආර්ථිකයකට හිමිකම් කියන ඉන්දියාව සමග එක්ව මන්නාරම නැවතත් අන්තර් ජාතික වෙළඳ මධ්‍යස්ථනයක් බවට සංවර්ධනය කිරීම රජයේ අරමුණ බවයි.
එකල ඉන්දියන් විරෝධයක් පෙන්වා හැටදාහක් ජීවිත අහිමි කළා සේ ඉන්දියන් විරෝධයෙන් මෙදෙස බැලීමට නොහැකි බවද අමාත්‍යවරයා පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, මන්නාරමේදී අද (20) ආරම්භවූ ජයගමු ශ්‍රී ලංකා ජනතා ජංගම සේවයේ මන්නාරම් දිස්ත්‍රික් දිගහැරුමේ සමාරම්භක උත්සවය අමතමින්.
මෙම උත්සවයේදී ජාතික ගීය දෙමළ භෂාවෙන් ගැයූ බවත්, සහෝදර දෙමළ ප්‍රජාවට එම අනුස්මරණීය අවස්ථාව 2015 වසරේදී උදාකර දුන්නෙ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවත් මනූෂ නානායක්කාර මහතා පවසනවා.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් දැක්වූ අදහස්,
“මන්නාරම් දිස්ත්‍රික්කය කියන්නේ, වර්ග කිලෝමීටර් 2002 ක බිම් ප්‍රමාණයක්. මන්නාරමේ ජනගහනය ගත්තාම වයස අවුරුදු 18 අඩු අය තමයි වැඩි . අවුරුදු 60ට වඩා වැඩිමල් අය ඉන්නේ බොහොම සුළු ප්‍රතිශතයක් . අනාගතයට දියුණුවක් දකින්න පුළුවන්,තරුණ ශ්‍රමය වැඩි දිස්ත්‍රික්කයක් තමයි මන්නාරම කියන්නේ”
අද මෙම වේදිකාවේ නොසිටියත් ටී,එන්. ඒ ඇතුළු වෙනත් පක්ෂ නියෝජනය කරනා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා, රිෂාර්ඩ් බදුර්දීන් වගේ හිටපු ඇමතිතුමාලා, කොළඹදි ජනාධිපතිතුමා හමුවෙලා මේ ප්‍රදේශයේ ජනතාවට ඕන කරනා පහසුකම් දෙන්න ප්‍රතිපාදන් ලබාගන්නාව. අද එතුමන්ලා මෙතන නොසිටියත් මම ඒක සිහි කරනවා.
මන්නාරම කියන්නේ අපේ රට ජාත්‍යන්තරය සමඟ සම්බන්ධ කරපු භූමියක්. රට ලෝකයට විවර කරපු දොරක්, කවුළුවක්. ඇයි මම කියන්නෙ මන්නාරම අපෙ රට ලෝකයට විවර කරපු දොරක් කියලා. කාටහරි පුළුවන්නම් කියන්න ඇයි කියලා මම එහෙම කියන්නේ. මන්නාරමේ ජනතාවට අවබෝධයක් තියෙන්න ඕන මේ රත්තරන් භූමිය ගැන.
පුද්ගලිකව මට ඒ ගැණ හොඳ අවබෝධයක් තියනවා. අපේ ජනාධිපතිතුමාටත් ඒ අවබෝධය තියනවා. රජයක් හැටියට අපිට ඒ අවබෝධය තියනවා. අන්න ඒ අවබෝධය නිසයි අද අපි මන්නාරමට ඇවිත් ඉන්නේ.
අනාගත ඩිජිටල් ලෝකයට ගැලපෙන ස්මාර්ට් වැඩ්ඩන් හදන , ස්මාර්ට් මිනිසුන් හදන ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන, සිස්ටම් එක චේන්ජ් කරන්න මගෙන් පටන් ගමු කියන වැඩ සටහන අරගෙන අපි මන්නාරමට එන්නේ මේ භූමියේ වැදගත්කම දන්න නිසා . මේ භූමියට ඕනැ කරන්නේ මොනවාද කියන් එක ගැන අවබෝධයෙන්. ඇත්තටම අපිට මේ මන්නාරම ගැන පැහැඳිළි දැක්මක් තියනවා. අන්න ඒ නිසා තමා අපි කියන්නෙ මන්නාරම කියන්නෙ ලංකාවෙ අපිට ලෝකයට දොරක් කියලා.
ඒකට පලවෙනි හේතුව තමා මේ භූමියේ පිහිටීම. ඇත්තටම මේක සුවිශේෂ පිහිටීමක්. මුහුදෙන් වටවෙලා තියන දූපතක් වුන අපේ රට ලොකයත් එක්ක ගණුදෙනු කරන්නේ මුහුදෙන්. අසල්වැසි ඉන්දියාව සමගත් සම්බන්ධ වෙන්නවත් අපිට ගොඩබිම් මාර්ගයක් නෑ. ඒත් ඈත අතිතයේ අසල්වැසි ඉන්දියාව එක්ක ගොඩබිමින් සම්බන්ධයක් තිබුනා කියලා හිතන්න තියන එකම සාක්ෂිය තම මේ මන්නාරම් දුපත් සමූහයයි . මුහුදේ පිහිටීම අනුව එකෙම හිතන්න පුළුවන්.
මෙතන ලස්සන කතාවක් තියනවා . ඉන්දියාවේ මේ දූපත් සමූහයට කියන්නෙ රාමා ගේ පාලම කියලා. ඒ කියන්නේ රාම ආපු පාලම කියන තේරුමින්. තවත් පිරිසක් කියනවා මේක ආදම්ගේ පාලම කියලා. බලන්න ඒ නම් දෙකේ තේරුම. රාමා එන්නේ පෙරදිග ආසියාවෙන්. රාම අයිති හින්දු සංස්කෘතියට. ආදම් එන්නේ බටහිරින් ඒ කියන්නෙ යුරෝපයෙන්. ආදම් අයිති වෙන්නේ කාතෝලික සංස්කෘතියට. ඒ අනුව බලනකොට නම් දෙකෙන්ම හඳුන්වන්නෙ ඒකම භූමිය. ඒක හරි ලස්සන දෙයක්.
ඒ තමා මන්නාරම කියන්නේ පෙරදිග සහ අපරදිග ලෝක මුණගැසුන තැනක්. අදටත් මේ මන්නාරමේ වැඩිපුර ඉන්නේ ක්‍රිස්තියානි සහ හින්දු බැතිමතුන්. සිංහල අයත් ටිකක් ඉන්නවා. හැමෝම මේ භූමියේ සහයෝගයෙන් ජීවත් වෙනවා.
අතීතයෙදී මන්නාරමේ භූමිකාව මොකක්ද. වර්තමානයට මුහුණ දෙන්නත්, අනාගතය ගැන හිතන්නත් අපි ඉතිහාසයේ පාඩම් ඉගෙන ගන්න ඕන. අද මේ තියන මන්නාරම අනාගත අලෝකයට ගැලපෙන විදියට දියුණු කරන්නනම් අපි මේ භූමියේන් පාඩම් ඉගෙන ගන්න ඕන. එහෙම නැතිව කොහෙන් හරි මොඩ්ල් එකක් ගෙනල්ලා මෙහෙට බැස්සුවාට හරියන්නෙ නෑ. අපි මෙ ඉතිහාසය ඉගෙන ගන්නඕඔන. එහෙම නැතිව එක එක රටවල්වල නායකයෝ ගැණ කිය කිය වෙදිකවල කෑගැහුවාට වැඩක් නෑ, එව කෙරෙන දේවල් නොව් .
මේ ඉතිහසය ගැන මම මීට කළින් කියලත් තියනවා. එත් අද අපි ඉන්නෙ මන්නාරමෙ. මේ භූමියේ පය ගහගෙන මේක කියන එක වාසනවක් කියලා මම හිතනවා. අතීතයෙ ඉඳලා ජාත්‍යන්තර වෙළදමට වැදගටහ් මාර්ග දෙකයි තිබිලා තියෙනේ . එකක් ගොඩබිම් සේද මාර්ගය, අනෙකක මුහුදු සේද මාර්ගය. අපෙ රට පිහිටලා තියෙන්නෙ ජාත්‍යන්තර මුහුදු සේද මාවතෙ මැද. ඒ කියන්නෙ ජාත්‍යන්තර නාවික මාර්ගයක මැද.
අපේ රට තමා මුහුදු වෙළඳ මාර්ගයේ වැදගත්ම හුවමාරු මධ්‍යස්ථානය වුනේ. චීනයෙන් ඒ කියන්නේ ලෝකයෙ නැගෙන හිර පැත්තේන් එන නෞකා ආවෙ අපේ රටේ ත්රිකුණමළය වරායට. ඒ කාලේ කීවේ ගෝ කර්ණ වරාය කියලා . ලොකයේ බටහිර දෙසින් ආපු නැව් ඒ කියන්නෙ රෝමයෙන් ආපු නැව් ආවේ අපි ඉන්න් මන්නාරාමට ට. ඒ කාලේ කීවේ මාන්තෙයි
වරාය කියලා. ත්‍රිකුණා මළයයෛ මන්නාරමයි අතර මේ නැව්වල එන ප්‍රවානය කරා .අනුරාධපුර රාජ්‍ය ගොඩ නැගෙන්නේ මෙ අතර මැද. මට හිතෙන්නේ අනුරාධපුරය කියන්නෙ මෙරට අපනයන අර්ථිකය කේන්ද්‍ර කාරලා බිහිවුන අජාත්යන්තර වෙලඳ නගරයක්. ආනයන අපනයන ආර්ථික , සෙවා ආර්ථිකය වගේ දේවල් ඒ කාලේ ඉඳළාම ජනාප්‍රිය දෙවල් . බිස්නස් , සර්විස් ඉකොනොමි කියන එක ආපිට සිංගප්පූරුවෙන් ඉගෙන ගන්න ඕන නැ අපෙ ජානවලම තියනවා.
මන්නාරම කියන්නෙ අතීත ලංකාවෙ තිබුන පෝර්ට් සිටි දෙකෙන් එකක් . බටහිටෙන් ආපු නැව් ලඟාවුනේ මන්නාරමට. එදා මන්නාරම කියන්නෙ නැගෙනහිර ලෝකයයෛ බටහිර ලෝකයයි මුන ගස්සපු තැනක් .
මේක තමයි මන්නාරාමේ ඇත්ත උරුමය. ඉතිහාසයේ පාලකයන් ගත්ත වැරදි තීන්දු නිසා තමයි මනාරමට තිබුන වැදගත් කම නැති වුනේ. අද අපි මන්නාරමට අවේ ඒ වැදගත් කම දැනගෙන. ඩිජිටල් ලෝකයට මන්නාරම අරන් යන්නෙ කොහොමද කියලා රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමාට හොඳ දැක්මක් තියනවා . එතුමා කවදවත් කියලා නෑ එතුමාටම් ලී ක්වාන් යූ, මහතීර් මොහොමඩ් වගේ වෙන්න ඕන අකියලා. නැතිනම් මෙ රට සිංගප්පූරුවක් කරන්න ඕන කියලා . එතුමා එහෙම නොහියන්නෙ ඇයි කියල්ලා දැන් රටේ ජනතාව තේරුම් අරන් ඉන්නේ.
ජනතාව තේරුම් අරන් ඉන්නෙ රනිල් කියන්නේ රනිල්ට විතරමයි කියන ඒක. ඔහුට වෙන කිසිවෙක් සංසන්ධනය කරන්න බෑ. ඒ වගෙම තමා ලංකවත් අපේ රට දියුණු කරන්න ඕන විදිය අපේ ඉතිහාසයෙන් හදාරන්න පුළුවන්. රනිල් වික්රමසිච කියන්නෙ හිඳට ඉතිහසය ඉගෙන ගත්ත කෙනෙක්.
අපේ දැක්මට අනුව නම් මේ මන්නාරම නැවත ජාත්‍යනතර වෙළඳ මධ්‍යස්ථනයක් කරන්න ඕන. පෙරදිග අපරදිග ලෝකය යාකටන මධ්‍යස්ථනයක කරන්න ඕන. ඒක තමයි මන්නාරමේ අනාගතය . එකට වට පිටාව දැන් ඉදිවෙමින් තියනවා.
මේ ඉන්දියානු සාගර සීමාවේ මන්නාරමට විශෙෂ තැනක් හිමිවෙනවා. සංචාරක ව්‍යාපාරය කියන්නේ අතිරේක දෙයක් විතරයි. මන්නාටම වාරායත් , කාලයක් තිස්සේ යෝජනා කරනා ඉන්දියාව සම්බන්ධ කරනා ගොඩබිම් මාර්ගයත් තමයි ප්‍රධන වන්නේ.
මේ යෝජන දිහා ඉන්දීය විරෝධයෙන් බලලා වැඩක් නැ. එදා එහෙම බොරු විරෝධය පාපු අයත් දැන් ඉන්දියාව පැත්තේ යනව එනවා. එදා ඉන්දියානු විරෝධයක් දාලා 60,000 මරපු අයත් අද ඉන්දියවට යනව. අපි මේවා දිහා විවෘතව බලන්න ඕන. ස්මාර්ට් විදිහට බලන්න ඕන. ඉන්දියාව කියන්නෙ දැවැන්ත වෙළඳ පොලක් . ඒවගේම සේතු සමුද්‍රම් වැනි ව්යාප්ර්ති නිසා වෙළඳ වරායක් හැටියට මන්නාරමෙ වටිනාකම වැඩි වෙන්න පුලුවන්.
කොහොම උනත් මේ මන්නාරමේ ජනතව තමා තීරණය ගන්න ඕන මනාරමට මොකක්ද කරන්න ඕන කියලා. මන්නාරම නැවත වරක් ජත්‍යන්තර වෙළඳ වරායක් කරන්න ඕන.
මන්නාරමට නියම වටිනා කමක් දෙන්න පුළුවන් නායකයා, ඒ වගේම අනාගත වාදී දැක්මක් තියන නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා විතරයි කියලා මම මේ අවස්ථාවෙ සඳහ්න් කරනවා.
අද අපි මේ වැඩසටහන පටහ් ගන්නකොට මෙතනදී ජාතික ගීතය දෙමළෙන් ගායනා කළා. එකට ඔබට සතුටුද? ජාතික ගීය දෙමෙලෙන් ගායනා කරන එක හඳුන්වා දුන්නේ ජනධිපති තුමා 2015 දී . එතුමා ඒ දෙය කළේ වෙන ජනාධිපතිවරයෙක් යටතේ . පුංචි බලයක් ලැබුන අවස්ථාවේ තීරණය කළා දෙමලෙන් ජාතික ගීය ගයන්න.
අද කාදර් මස්තාන් ඇමති තුමා කීවා ඉඩම් ප්‍රශ්ණය ගැන කතා කලා කියලා ජනධිපති තුමා එක්ක. එදා 2105 දී වෙන ජනාධිපති කෙනෙකුගේ ජනධිපති හැටියට තම ජාතීක ගීය ගැන තින්දුව ගත්තෙ . අද ජනාධිපති කෙනෙක් ගියාට පසේ අනුප්‍රාප්තික ජනදිපති කෙනෙක් හැටියට එතුමා අද ඉන්නෙත් පාර්ලිමෙන්තුවෙන් පත්කරපු ජනාධිපති හැටියට. අපි මෙතුමන්ලා චන්දේ දිලා තමා එතුමා ජනාධිපති කළේ. අද මම එකක් කියනවා අනුප්‍රාප්තික ජනාධිපති හෝ අගමැති විදියට නොවේ අනාගතයෙදී ජනාධිපති හැටියට එතුමාම තමයි මේ ප්‍රශ්ණ විසඳන්නේ. අනාගතයේ යුද්දයක ඈති නොවනා විදියට රනිල් වික්‍රමසිංහ මෑති තුමාම තමයි මේ ප්‍රශ්ණ විසඳන්නේ.