දේශීය
ගෝඨාගෝ ගමෙන් අගමැතිට පිළිතුරු
තමන් විසින් ඉල්ලන ලද කොන්දේසි දෙකක් සපුරාලන තුරු අගමැති සමග සාකච්ඡා කිරීමට නොහැකි බව දන්වමින් ගාලුමුවදොර විරෝධතාකරුවන් පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
එම කොන්දේසි දෙක නම්,
- මෙරට හත්වැනි විධායක ජනාධිපතිවරයා වන නන්දසේන ගෝඨාභය රාජපක්ෂ වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්විය යුතුය.
- මහින්ද රාජපක්ෂ වන ඔබ ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන ඔබ පවුලට අයත් සියළු දෙනා (චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ නිපුන රණවක යන අය) ආණ්ඩුවේ සහ පාර්ලිමේන්තුවේ සියළු තනතුරුවලින් ඉල්ලා අස්විය යුතුය.