දේශීය

ලංකාව ස​හ කසකස්ථානය අත​ර ගුවන් සේවා ගිවිසුම​​ක්

ශ්‍රී ලංකාව සහ කසකස්ථානය අතර ද්විපාර්ශවික ගුවන් සේවා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

රජය පවසන්නේ, කසකස්ථානය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් සේවා කටයුතු දියුණු කිරීම සඳහා දෙරටේ ගගන නාවික අධිකාරීන් අතර ගුවන් සේවා ගිවිසුමක් අත්සන් තැබීම පිණිස 2015-5-13 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබුණද එකී ගුවන් සේවා ගිවිසුම මේ දක්වා අත්සන් කිරීමට හැකිවී නැති බවයි.

යෝජිත ගුවන් සේවා ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවේ කවර හෝ ස්ථානයක සිට කසකස්ථානයේ ඇස්ටානා හෝ අල්මැටි දක්වා නිශ්චිත ගමන් මාර්ග ඔස්සේ සතියකට ගමන් වාර හතක් ගුවන් සේවා මෙහෙයවීමට අපේක්ෂා කරන බව රජය පවසනවා.

ඒ අනුව දෙපාර්ශවය විසින් එකඟතාවයට පැමිණ ඇති ගුවන් සේවා ගිවිසුමට අත්සන් තැබීම පිණිස වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button