දේශීය
විජයදාසට එරෙහිව වාරණ නියෝගයක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා සහ වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරු කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා මෙම නියෝගය නිකුත් කළා.
අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීමට ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් සංශෝධිත පැමිණිල්ලක් ගොනු කිරීමට එම පක්ෂයේ වැඩ බලන ප්‍රධාන ලේකම් දුමින්ද දිසානායක මහතා ඉකුත් 26 වැනිදා කටයුතු කර තිබුණා.
ඒ අනුව එදින ප්‍රතික්ෂේප කළ අදාළ වාරණ නියෝග ඉල්ලීම් නැවත තහවුරු කිරීම සඳහා කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ යළි නඩුව කැඳවීමට නියමිතව තිබුණා.
Related: