දසුන්ට ඩොලර් 85,000ක්
2024 LPL තරඟාවලියේ ක්රීඩක වෙන්දේසිය මේ වනවිට කොළඹදී පැවැත්වෙනවා.
එහිදී මේ දක්වා වෙන්දේසි වූ ක්රීඩකයින් අතරින් වැඩිම මිල වූ ඩොලර් 85,000ක මිලක් දසුන් ශානකට හිමිවුණා.
ඒ අනුව මෙවර LPL තරගාවලියේදී දසුන් ශානකගේ හිමිකාරීත්වය ලබාගත්තේ කැන්ඩි කණ්ඩායමයි.
මෙවර ක්රීඩක වෙන්දේසිය සඳහා පළමුවෙන්ම ඉදිරිපත් කළේ අශේන් බණ්ඩාරයි.
ඔහුව B-Love Kandy කණ්ඩායම විසින් ඩොලර් 28,000කට මිලදී ගත්තා.
2024 ලංකා ප්රිමියර් ලීග් තරගාවලියේ ක්රීඩක වෙන්දේසිය මේ වනවිටත් පැවැත්වෙමින් තිබෙන අතර මේ දක්වා වෙන්දේසි වූ ක්රීඩකයින් පහතින්,
රමේෂ් මෙන්ඩිස් – ඩොලර් 10,000යි – කැන්ඩි
ඇන්ජලෝ පෙරේරා – ඩොලර් 20,000යි – කොළඹ
දසුන් ශානක – ඩොලර් 85,000යි – කැන්ඩි
ශෝන් විලියම්ස් – ඩොලර් 20,000යි – ගාල්ල
අකිල ධනංජය – ඩොලර් 20,000 – දඹුල්ල
ප්රභාත් ජයසූරිය – ඩොලර් 10,000යි – ගාල්ල
ප්රමෝද් මදුශාන් – ඩොලර් 20,000යි – ජැෆ්නා
ළහිරු කුමාර – ඩොලර් 30,000යි – ගාල්ල
ටස්කින් අහමඩ් – ඩොලර් 50,000යි – කොළඹ
ළහිරු උදාර – ඩොලර් 14,000යි – දඹුල්ල
රමනුල්ලා ගුර්බාස් – ඩොලර් 50,000යි – කොළඹ
දුනිත් වෙල්ලාලගේ – ඩොලර් 50,000 – කොළඹ
චාමික ගුණසේකර – ඩොලර් 10,000 – කොළඹ
සහන් ආරච්චිගේ – ඩොලර් 20,000 – ගාල්ල
ජනිත් ලියනගේ ඩොලර් 36,000 – ගාල්ල