දේශීය

අල්ලස් ගත් වාරිමාර්​ග ඉංජිනේරුවරයෙකුට වැඩ වර​දී

අක්කරපත්තුව කොට්ඨාශයේ වාරිමාර්ග රක්ෂිත ඉඩමක් ගොඩකිරීම සදහා අවසර ලබාදීමට රුපියල් ලක්ෂ 04 ක් අල්ලස් ලෙස ඉල්ලා එයින් රුපියල් ලක්ෂ  02 ක් සිය රියදුරා ලවා ලබාගනිමින්  සිටි වාරිමාර්ග ඉංජිනේරුවරයෙකු  අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් අක්කරපත්තුවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධා​රී​න් විසි​න් අල්ල​ස් මුදල් ලබාගත් රියදුරාද අත්අඩංගුවට ගෙන තිබුණා.

එ​ම කොමිෂන් සභාවේ නිලධාරින්හට කරන ලද දැනුම්දීමකට අනුව අක්කරපත්තුව ප්‍රදේශයේ සිදුකල විමර්ශනයක් අතරතුර, වාරිමාර්ග ඉංජිනේරුවරයා විසින් ඉඩම ගොඩකිරීම සදහා අවසර ඉල්ලූ  පුද්ගලයාවෙත දුරකථන ඇමතුමක් ලබාදෙමින්, රුපියල් ලක්ෂ  02 ක  මුදල  සිය රියදුරාට ලබාදෙන ලෙස දන්වා තිබෙනවා.

ඉඩම්  හිමිකරුගෙන් මුදල් ලබාගත් රියදුරා මුදල් රැගෙන සිය නිවස වෙත යමින් සිටි අවස්ථාවේ පරීක්ෂාවෙන් සිටි  අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් අල්ලස් වශයෙන් ලබාගත් මුදල් සමග ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු, වාරිමාර්ග ඉංජිනේරුවරයා ද, අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button