බෙහෙත් ගේන්න සල්ලි නැති රටේ ජනතාව මර්දනයට ගෙන්නපු අලුත්ම ගෑස් එක
අද (05) දින පාර්මේන්තුව අසල විරෝධතාකරුවන් මර්දනය සඳහා පොලිසිය විසින් භාවිතා කරන ලද කඳුළු ගෑස් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් හුවමාරු වෙමින් පවතිනවා.
කඳුළු ගෑස් හොඳින් හඳුනන විශ්වවිද්‍යාල සිසුන් පවා පවසන්නේ මෙය අලුතෙන්ම ගෙනවන ලද කඳුළු ගෑස් වර්ගයක් වියයුතු බවයි.
එම ගෑස් වර්ගය N 500 – CS Gas Hand Grenade ලෙස හඳුන්වන අතර මෙය ප්‍රහාරයෙන් පසු කොටස් තුනකට වෙන්වීමක් සිදුවන බව වාර්තා වෙනවා.
පෙර පැවති කඳුළු ගෑස් එක තනි කොටසක් පමණක් පවතින බැවින් එය ආපසු විසි කිරීමේ හැකියාවක් පැවතුන නමුත්, නව වර්ගය සමග එය අපහසු වී තිබෙනවා.
මෙහි නිශ්පාදිත වර්ශය 2020 ලෙස සටහන් වූවත් මෙය මීට පෙර කිසිඳු අවස්ථාවක භාවිතා කර නොමැති වීම නිසා මෑතකදී මෙරටට ගෙන්වන ලද්දක් බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යමුඉන් තිබෙනවා.
මේ නිසාවෙන් ජනතාව විමසන්නේ බෙහෙත්, අහාර, ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වීමට මුදල් නොමැති රටේ නිරායුධ ජනතාව මර්දනය කිරීම සඳහා මෙම උපකරණ ගෙනවන්නේ කාගේ උවමනාවටද යන්නයි.