විදෙස්

රුසියානු ප්‍රහාර වලින් රෝහල්, වෛද්‍ය මධ්‍යස්ථාන 400ක් පමණ විනාශ වී ඇති බව යුක්‍රේන ජනපති පවසයි

රුසියාව-යුක්රේනය ආක්‍රමණය හේතුවෙන් රෝහල් සහ අනෙකුත් වෛද්‍ය ආයතන සිය ගණනක් විනාශ කර ඇති අතර පිළිකා මර්දනයට ඖෂධ හෝ ශල්‍යකර්ම සිදුකිරීමේ හැකියාව වෛද්‍යවරුන්ට නොමැති බව ජනාධිපති සෙලෙන්ස්කි පවසා තිබෙනවා.

තවද ඔහු පවසා තිබුනේ ප්‍රධාන යුධ ප්‍රදේශ වන නැගෙනහිර සහ දකුණු යුක්රේනයේ බොහෝ ස්ථානවල මූලික ප්‍රතිජීවක පවා නොමැති බවයි.

“ඔබ වෛද්‍ය යටිතල පහසුකම් පමණක් සලකා බැලුවහොත්, අද වන විට රුසියානු හමුදා සෞඛ්‍ය සේවා ආයතන, රෝහල්, මාතෘ වාට්ටු, බාහිර රෝගී සායන, 400 කට ආසන්න ප්‍රමාණයක් විනාශ කර හෝ හානි කර ඇත.” ලෙස වෛද්‍ය කණ්ඩායමකට වීඩියෝ සාකච්ඡාවකදී ජනපතිවරයා පවසා තිබුණා.

රුසියානු හමුදා විසින් අත්පත් කරගත් ප්‍රදේශවල තත්වය මීට වඩා ව්‍යසනකාරී බව ඔහු පැවසීය.

රුසියාව පවසන්නේ තමන් ඉලක්ක කරන්නේ හමුදා හෝ උපාය මාර්ගික ස්ථාන පමණක් බවත් සිවිල් වැසියන් ඉලක්ක කර නොගන්නා බවත්ය. යුක්රේනය දිනපතා රුසියානු ෂෙල් ප්‍රහාරවලින් සහ සටන් වලින් සිවිල් වැසියන්ට හානි වූ බවට සිදු කරන වාර්තා සහ රුසියාවට සිදු කරන යුද අපරාධ චෝදනා රුසියාව විසින් ප්‍රතික්ෂේප කරයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button