දේශීය
ගිරිතලේ අනතුරකින් පාසල් සිසුවෙක් මරුට
පොළොන්නරුව බකමූණ – ගිරිතලේ ප්‍රධාන මාර්ගයේ දී යතුරුපැදි දෙකක් ගැටී සිදු වූ අනතුරකින් උසස් පෙළ අධ්‍යාපන ලබන සිසුවකු මියගොස් ඇති බව බකමූණ පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ නිකපිටිය ලිපිනයේ පදිංචිව සිටි අවුරුදු 18 ක් වයැසති ලකිදු පින්සර නමැති සිසුවෙක්.
ඔහු බකමූණ මහසෙන් ජාතික පාසලේ උසස් පෙළ විභාගය සඳහා ඉගෙනුම ලබන සිසුවෙකු බවද පොලිසිය පවසනවා.
මියගිය සිසුවා ඔහුගේ මිතුරෙකු සමග යතුරුපැදියේ පිටුපස ගමන් කර ඇති අතර, යතුරුපැදිය මාර්ගයේ ගමන් කර ලොරි රථයක ගැටී, මෙම අනතුර සිදුව තිබෙනවා.
රිය අනතුර සිදුකළ අනෙත් යතුරුපැදිකරු පලාගොස් ඇති බවද පරීක්ෂණ පවත්වන බකමූණ පොලිසිය සඳහන් කළා.