දේශීය

බොරු චෝදනා කරපු අයට පළදෙන​වා – පියුමි

ඉතාම සාධාරණ ව්‍යාපාරවලින් තමන් මුදල් උපයා ඇති බවත් කිසිඳු අවස්ථාවක මත්ද්‍රව්‍ය ව්‍යාපාර කර නොමැති බවත් ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනී පියුමි හංසමාලි මහත්මිය පවසනවා.

ඇය මේ බව කියා සිටියේ, අද (01) නාරාහේන්පිට පිහිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් පිළිබඳව විමර්ශන ඒකකයේ පෙනී සිටීමෙන්.

කාන්තාවක් ව්‍යාපාරයක් කරගෙන යන විට මෙවැනි චෝදනා කිරීම පිළිබඳව කණගාටු වන බවත් කුමන චෝදනා කළත් තමන් නිර්දෝෂි යැයි දන්නා නිසා කිසිඳු ගැටලුව​ක් නොමැති බවත් පියුමි හංසමාලි මහත්මිය පවසනවා.

එමෙන්ම තමා මුදල් උපයා ඇත්තේ අනීතික ක්‍රියාවලින් නොවන බවත් තමාගේ දැනුමෙන් පවත්වාගෙන යන රූපලාවන්‍ය නිෂ්පාදන විකිණීමේ ව්‍යාපාරයෙන් බවත් ඉදිරියේදී තහවුරු වනු ඇති බව නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි පවසනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පියුමි හංසමාලි මහත්මිය පවසා සිටියේ, තමා නිශ්පාදනය කරන එක් රූපලාවන්‍ය නිෂ්පාදන එකතුවක මිල රුපියල් 35,000ක් පමණ වන බවයි.

මේ වන විට අදාළ නිශ්පාදනවල ඇණවුම් 25,000ක පමණ ප්‍රමාණයක් විකිණී ඇති බවත් ඒ අනුව තමාගේ වත්කම් සම්බන්ධයෙන් ලංකාවේ ජනතාවට අදහසක් ලබා ගත හැකි වනු ඇති බවත් ඇය මෙහිදී සඳහන් කළා.

එමෙන්​ම තමන්ට බැංකුවල ගිණුම් 20 ක් නොමැති අතර තිබෙන ගිණුම් නවයක් පමණ ද ව්‍යාපාරයට අදාල ඒවා බවත් බොරු චෝදනා කළ පුද්ගලයන්ට ඒවා පළදෙන බවයි ඇය පවසන්නේ.  

තමන් සැකසහිත ලෙස දේපළ උපයාගෙන ඇතැයි චෝදනාව සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් පිළිබඳව විමර්ශන ඒකකය තවදුරටත් විමර්ශන කරමින් සිටින බවත් ඒ හේතුවෙන් තවත් දිනයක් දැනුම් දෙන්නේ යැයි පැවසූ බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button