දේශීය

ලිට්‍රෝ ගෑස් මිල පහළට

ලිට්‍රෝ සමාගම විසින් ගෘහස්ත ගෑස් මිල අඩුකර තිබෙනවා.

ඒ අනුව කිලෝ 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් පහළ ගොස් තිබෙනවා.

එහි නව මිල රුපියල් 3,690ක්.

කිලෝ 5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 40කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 1,482ක්.

කිලෝ 2.3ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 694ක් වන අතර එම සිලින්ඩරයක මිල රුපියක් 18කින් අඩුකර තිබෙනවා.

මෙම මිල අඩුකිරීම අද මධ්‍යම රාතියේ සිට ක්‍රියාත්මක බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button