දේශීය
ඉන්ධන හිඟය හේතුවෙන් පෞද්ගලික බස් රථ ධාවනය සීමා විය හැකි බව ඇමති කියයි
![](https://www.sinhala.dailytimes.lk/wp-content/uploads/2022/03/545454.jpg)
ඉන්ධන හිඟය හේතුවෙන් අද (07) දිනයේ පෞද්ගලික බස් රථ ධාවනය සීමා විය හැකි බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
ලංගම සතුව ද මේ වනවිට ප්‍රමාණවත් පරිදි ඉන්ධන නොමැතිවීම හේතුවෙන් පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබා දීමට ද නොහැකි වී ඇති බව අමාත්‍යවරයා පවසා සිටියා.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, ඉන්ධන හිඟයත් සමග අද හා හෙට පෞද්ගලික බස් රථ ධාවනය 25% දක්වා අඩුවීමේ ඉඩකඩක් ඇති බවයි.
නැවත මෙරටට 13 වනදා ඩීසල් ලැබෙනතුරු මෙම තත්ත්වය උග්රවනු ඇති බවයි වාර්තා වෙන්නේ.