දේශීය
මේක විහිළුවක් ද? සියඹලාපිටියගේ නාඩගම ගැන මහේල අසයි
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා විසින් නියෝජ්‍ය කථානායක නාඩගම සම්බන්ධයෙන් සිය කනස්සල්ල ප්‍රකාශ කරමින් ට්විටර් පණිවුඩයක් පළකර තිබෙනවා.
“මෙය විහිළුවක් ද? රටේ පවතින අර්බුදකාරී තත්ත්වය මධ්‍යයේ, කාලය මුදල් නාස්ති කරමින් මෙම පත්වීම සිදුකළේ මේ මොහොතේ සිදුකළ යුතු වැදගත්ම කරුණක් ලෙසයි. ඔහු නැවතත් ඉල්ලා අස්වෙලා. කරුණාකර පාර්ලිමේන්තුවේ සිටින සියලුදෙනාම ඉල්ලා අස්වී ගෙදරට වී සිටින්න.” යනුවෙන් එම සටහන තබා තිබුණි.