දේශීය
තලවකැලේ වෙළඳසැලක ගින්නක්
තලවකැලේ නගර මධ්‍යයේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක උඩු මහලේ අද (03) පස්වරුවේ ගින්නක් හටගත් බව තලවකැලේ පොලිසිය පවසනවා.
පොලීසිය පවසන්නේ, එම ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලේ උඩු මහලේ පෑස්සුම් කටයුත්තක් සිදු කරන අවස්ථාවේදී ඉන් විසි වු ගිනි පොකුරකින් ගින්න හට ගන්නට ඇති බවට සැකකරන බවයි.
හටගත් ගින්න තලවකැලේ නගරයේ පිහිටි සෙසු වෙළඳසැල්වල සේවකයින් සහ තලවකැලේ පොලිසිය ප්‍රදේශවාසින් සමග එක්ව පාලනය කර තිබෙනවා.
ගින්නෙන් සිදු වු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර, ගින්න පිළිබඳව තලවකැලේ පොලිසිය පරික්ෂණ පවත්වනු ලබනවා.