දේශීය
සා/පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ ගැන දැනුම්දීමක්
2023 (2024) වර්ෂයන්ට අදාළව අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමෙන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, අපේක්ෂකයින් 169,007 දෙනෙකු සඳහා සෞන්දර්ය විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ජූලි 09 වනදා සිට 19 වනදා දක්වා පැවැත්වෙන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
විභාග දෙපාර්තමෙන්තු නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිසට විභාග අංකය ඇතුළත් කිරීම මගින් ප්‍රවේශපත්‍ර බාගත කළ හැකි බවද නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.