දේශීය

වැටුප් වැඩි කිරීම ගැන ජනපතිගෙන් තීරණය​ක්

රාජ්‍ය අංශයේ යළි වැටුප් වැඩි කිරීමක් මේ වසරේ සිදු කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන​වා.

ජනපතිවරයා සඳහන් කළේ, මෙම වර්ෂයේ මැතිවරණ කාලසීමාවක් එළඹෙන බැවින් එය සිදුකළ නොහැකි බවයි.

අද (06) වැල්ලවායේදී ඌව පළාත් ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් බල ගැන්වීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටි​යා.

එමෙන්​ම වැටුප් වැඩි කළ හැක්කේ ලබන වසරේ අයවැය හරහා බව එහිදී ජනාධිපතිවරයා සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button