දේශීය
අතුරුගිරියේ වෙඩිතැබීමෙන් ක්ලබ් වසන්ත මරුට
අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත මියගොස් තිබෙනවා.
ඒ සමගම තවත් පස්දෙනෙකුට තුවාල සිදුවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
තුවාල ලැබූවන් අතර ජනප්‍රිය ගායන ශිල්පිනියක් වන කේ. සුජීවා ද සිටින බවත් තුවාල වූ සිව් දෙනෙකු හෝමාගම රෝහලටත්, දෙදෙනෙකු අතුරුගිරිය රෝහලටත් ඇතුළත් කර තිබෙන බවත් පොලීසිය පැවසුවා.