දේශීය

පොදු ප්‍රවාහන​ය විද්‍යුත් ක්‍රමයට

මගී ජනතාවට පොදු ප්‍රවාහන සේවා කටයුතු පහසුවෙන් හා කාර්යක්ෂම ලබාදීමේ වැඩපිළිවෙල යටතේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ කටයුතු විද්‍යුත් ක්‍රමවේදයකට අනුව සිදුකිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (08දා) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ගංගනාත් රූබසිංහ මහතාද මේ බව පවසා සිටියා.

ඒ අනුව මෙම වසර අවසන් වීමට පෙර දුම්රිය සේවයද ඇතුළු මෙරට සියලු පොදු ප්‍රවාහන සේවා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සඳහා විද්‍යුත් ක්‍රමවේදයක් හඳුන්වා දීමට තීරණය කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button