දේශීය
පොහොට්ටු තීරණය රනිල් වුනොත් අපි උදව් කරනවා – පියල්
පොහොට්ටුවේ ජනපතිවරණ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ බවට තීරණය කළහොත් ඒ සුබ තීරණය සඳහා සහයෝගය ලබා දෙන බව ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කළේ, පොහොට්ටුව සුබවාදී තීන්දුවක් කඩිනමින් ගන්නා බවත් එම තීන්දුව රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීම නම් සියලු දෙනා ඊට එකඟ වෙන බවයි.
රටේ ජනාධිපති වන්නේ, පොදු ජන පෙරමුණ උදව් කරන නායකයා බවද රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.
පොහොට්ටුවේ අපේක්ෂකයා පොදු අපේක්ෂකයෙක්ද? රනිල් වික්‍රමසිංහ ද බව ගන්නා තීරණය ජනතාව බලාපොරොත්තු වෙන තීරණයම විය හැකි බවත් පියල් නිශාන්ත මහතා වැඩිදුරටත් කියා සිටියා.