දේශීය

මුලති​ව් බිහිසුණු මෝටර් රථ අනතුර​ක්​

මුලතිව් තුනුකායී ප්‍රදේශයේදී මෝටර් රථයක් පෙරළී යාමෙන් සිදු වූ අනතුරකින් එහි ගමන් ගත් එක් අයෙකු කිළිනොච්චිය රෝහලේදී ඊයේ (09) මියගොස් තිබෙනවා.

එම අනතුරින් බරපතළ තුවාල ලබා ඇත්තේ, කොල්ලාවෙලංගුලම් වවුනිකුලම ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි චින්නතුරෙයි වස්කරන් නමැති පුද්ගලයෙක්.

මෝටර් රථයේ ටයරයක් පිපිරී යාම නිසා එය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් පසුව රථය පාරෙන් ඉවතට පැන රවුම් කීපයක් පෙරළි ගොස් තිබෙනවා.

මෙම අනතුරේදී මෝටර් රථයේ සිටි තවත් දෙදෙනෙකු තුවාල ලබා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කළ බවයි වාර්තාවන්නේ.

අනතුර සම්බන්ධයෙන් මල්ලාවී පොලීසිය පරික්ෂණ පවත්වා ගෙන යන බවද සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button