දේශීය

අවසන් නිවේදනය නොතකා දුම්රිය වැඩ වර්ජනය අඛණ්ඩ​ව ඉදිරියටත්

උසස්වීම් ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගෙන දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් ආරම්භ කළ වර්ජනය අඛණ්ඩ​ව ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ, වර්ජනයේ යෙදෙන දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් සේවය අතහැර ගියාසේ සළකන බවට දුම්රිය වැඩ බලන සාමාන්‍යාධිකාරී S.S.මුදලිගේ මහතා ප්‍රකාශ කිරීමට විරෝධය දක්වා වර්ජනය අඛණ්ඩ​ව ක්‍රියාත්මක කිරීමට  සංගමයේ විධායක සභාව තීරණය කළ බවයි.

වර්ජනය 90% කට වැඩියෙන් සාර්ථක බව​ත් අද (10) පෙරවරුවේ දුම්රිය බලධාරීන්ට ධාවනය කිරීමට හැකි වූයේ දුම්රිය 12 ක් පමණ​ක් බවත් සභාපති සුමේධ සෝමරත්න මහතා වැඩිදුරටත් කියා සිටියා.

කෙසේවෙතත් ශ්‍රී ලංකා දුම්රිය සේවයේ වර්ජනයේ නිරත සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන්ට සහ දුම්රිය පාලකවරුන්ට අද දුම්රිය සාමාන්‍යාධිකාරී s.s .මුදලිගේ මහතා අවසන් නිවේදනය​ක්​ද නිකුත් කර තිබුණා.

ඒ මහතා කියා සිටි​යේ එම නියෝගය පිළිපදින්නේ නැති සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් සේවය හැර ගියා සේ සලකන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button