විදෙස්

මාකෝස් පවුල නැවතත් පිලිපීනයේ බලය ගනී

ෆර්ඩිනන්ඩ් මාකෝස්ගේ දශක දෙකක ඒකාධිපති පාලනය පෙරළා දැමූ 1986 විප්ලවයෙන් වසර 36 කට පසු ඔහුගේ පුත් ෆර්ඩිනන්ඩ් මාකෝස් ජූනියර් සඳුදා පිලිපීනයේ ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් අත් කරගන්නා ලදි.

“බොං බොං” ලෙස ප්‍රසිද්ධියට පත් වූ මාර්කෝස් බහුතරය සඳහා අවශ්‍ය ඡන්ද මිලියන 27.5 ඉක්මවා ගොස් ඇති බව නිල නොවන ගණන් බැලීමකින් පෙන්නුම් කර ඇති අතර, නින්දාසහගත ලෙස පිටුවහල් වී වසර 36 කට පසු මාකෝස් පවුල නැවත වරක් බලයට පැමිණීමට සිතාගත නොහැකි කරුණක්.

“ඔබ අපව විශ්වාස කිරීමෙන් වෙහෙසට පත් නොවනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි, අපට කිරීමට බොහෝ දේ ඇත” යනුවෙන් මාකෝස් ඔහුගේ ඡන්ද දායකයින් ෆේස්බුක් මාර්ගයෙන් අමතා පවසා ඇත.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button