දේශීය

වතු කම්කරුවන් උද්ඝෝෂණයක

හැටන් දික්ඔය වතුයායේ වතු කම්කරුවන් අද (11) දින පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වුණා.

රජය මගින් වතු කම්කරුවන්ට වැඩි කල රු 1700 දෛනික වැටුප කඩිනමින් ලබාදිමට වතු සමාගම් පියවර ගත යුතු බව පවසමින් ඔවුන් මෙලෙස උද්ඝෝෂණයේ නිරත වුණා.

එහිදී වතු කම්කරුවන් කියා සිටියේ රජයේ නිලධාරින්ට සහ සේවකයන්ට රජය මගින් වැටුප් වැඩි කිරිමට පියවර ගෙන ඇති බවත්, රජය මගින් තමන්ට වැඩිකල රු 1700 දෛනික වැටුප ලබාදිමට වතු සමාගම් විරෝධය පල කරන බවයි.

එමෙන්ම රටේ පවතින ජිවන වියදම සමග දැනට තමන් ලබාගන්නා වැටුපෙන් ජිවත් විය නොහැකි බවද ඔවුන් කියා සිටියා.

වතු සමාගම් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාගෙන ඇති අතුරු තහනම් නියෝගය ඉවත් කිරිමට රජය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොස් කරුණු ඉදිරිපත් කර එම වැටුප ලබාදිමට කටයුතු කලයුතු බව උද්ඝෝෂණයේ නිරත වු වතු කම්කරුවන් වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button