ප්රතිලාභ රැසක් සමග ජයගමු ශ්‍රී ලංකා කිලිනොච්චියට
කම්කරු හා විදේශ රැකියා අමත්‍යංශයේ දීපව්‍යප්ත ජංගම සේවාවේ කිලිනොච්චි දිස්ත්‍රික් වැඩසහන ජූලි 12 සහ 13 දෙදින තුළ කිලිනොච්චිය නගරසභා ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.
දින දෙකක් පුරා පැවැත්වෙන මෙම වැඩසටහනේ සමාරාම්භක අංගය ලෙස විගමණික ශ්‍රමිකයන් ඇගයීමට ලක් කරනා ” විගමණික හරසර” වැඩ සටහන පැවැත්වීමට නියමිතයි.
ඊට අමතරව විදෙස්ගත ශ්‍රමිකයන්ගෙ දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීම, පාසැල් උපකරණ සහිත බෑග් ප්‍රධානය කිරීම, ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් තෝරාදෙනු ලබන ස්මාර්ට් පාසල් පන්තිකාමර සඳහා ස්මාර්ට් බෝර්ඩ් ලබදීම සිදු කෙරෙනු ඇති.
ඊට අමතරව ස්වයං රැකියා ආරම්භ කිරීම සඳහා මූල්‍ය අධාර ලබාදීම, රැකියා සඳහා විදේශගතවීමේදී වැඩිම අවස්ථා ගණනක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිවූ ශ්‍රමිකයන්ට වවුචර් පත් පිරිනැමීම මෙහිදී සිදු වනු ඇති.
රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් සඳහා වෘත්තීය පුහුණුව සඳහා මග පෙන්වන ”ස්මාර්ට් යූත් ක්ලබ්” වැඩසටහනද මෙහිදී පැවැත්වෙන අතර එම වැඩසහටන මගින් වෘත්තීය පුහුණුව සඳහා ජනාධිපති අරමුදලින් ලබාදෙන ප්‍රතිපාදන පිළිබඳ දැනුවත් කිරිමද සිදුවනවා.
අවිධිමත් ශ්‍රමිකයන්ගේ වෘත්තීය ගරුත්වය සහ ආරක්ෂාව තහවුරු කරනා ”ගරු සරු” වැඩසහන, මිනිස් ජාවාරම සහ කම්කරු නීතිය පිළිබඳ කෙරෙනා දැනුවත් කිරිම්ද මෙම ”ජයගමු ශ්‍රී ලංකා” වැඩසහටනට යටතේ පැවැත්වෙනු ඇති.
ඊට අමතරව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි රැකියා එජන්සි 40 ක් පමණ සිය සේවා කවුළු ප්‍රදර්ශණ භූමියේ පවත්වන අතර එමගින් නවතම විදේශ රැකියා අවස්ථා පිළිබඳ තොරතුරු රැසක් ලබාගැනිමට හැකියි.