දේශීය

ඉතුරු කැබිනට් ඇමතිවරුත් අද දිවුරුම් දෙයි

නව කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ සෙසු අමාත්‍යවරුන්ද අද දිනයේ දිවුරුම් දෙනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර තිබෙනවා

මේ වනවිට අමාත්‍යවරුන් සිව්දෙනෙකු දිවුරුම් දී ඇති අතර වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ තවත් අමාත්‍යවරුන් 16 දෙනෙකු අද දිනයේ දිවුරුම් දෙනු ඇති බවටය.

ආරංචිමාර්ග වාර්තා කරන්නේ සමගි ජන බලවේගයේ ස්වාධීන වු මන්ත්‍රීවරුන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සහ ශ්‍රි ලංකා පොදු පෙරමුණේ මෙන්ම ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දෙනු ඇති බවයි.

මෙවර කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ද ඇතුළුව අමාත්‍යවරුන් 20 දෙනෙකුට සීමා වන බවට වාර්තා පැතිර යනවා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button