දේශීය

සමාජවාදී තරුණ සංගමය පොලිස් මූලස්ථානය වටලයි

ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරයේ විරෝධතාකරුවන්ට පහරදුන් පුද්ගලයින් වහා අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් සමාජවාදී තරුණ සංගමය විසින් පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක් ක්‍රියාත්මක කර තිබෙනවා.

තවමත් ගාලුමුවදොර අරගලයට පහර දුන් පුද්ගලයන් පිළිබඳ නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට පොලිසිය සමත් වී නැති බව යි ඔවු දිගින් දිගට ම පැවසුවේ.

කොටුව දුම්රිය ස්ථානය අසලින් විරෝධතා පාගමනකින් පැමිණි සමාජවාදී තරුණ සංගමයේ සාමාජිකයින් මේ වනවිට පොලිස් මුලස්ථානය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වෙමන් සිටී.

කෙසේ වෙතත් අද (16) නීතිපතිවරයා විසින් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයාට නියෝග කර ඇත්තේ, දේශබන්දු තෙන්න්කෝන්, සනත් නිශාන්ත ඇතුළු 24 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස යි

ඡායාරූප උපුටාගැනීම – Thilina Kaluthotage Photography


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button