දේශීය

පොලිස්පති අවු​ල ගැන මැතිවරණ කොමිසම ගත් තීරණය

පොලිස්පති ගැටලුව සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් දෙන්නැයි ජනපතිට ලිඛිතව දැනුම්දීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.

රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේදී මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් අද (30) උදෑසන පැවැත්වූ අතර එහිදී එම තීරණය ගෙන තිබෙනවා.

ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ කරුණු කිහිපයක් පිළිබඳව එම රැස්වීමේ දී විශේෂ අවධානය යොමුව තිබූ බව සඳහන්.

එහි ප්‍රධාන කරුණ ලෙස පොලිස්පතිවරයෙකු නොමැතිව මැතිවරණය පවත්වන්නේ ද යන්න සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ගේ වැඩි අවධානයක් යොමුව ඇති බව වාර්තා වනවා.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම රැස් වූ පළමු අවස්ථාව ද මෙයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button