ක්‍රීඩා

බංග්ලාදේශයෙන් සාර්ථක ඉනිමක්

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා රැස්කළ ලකුණු 397 සඳහා සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම ප්‍රබල පිළිතුරක් ලබාදී තිබේ.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේ නිමාව විට බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 318ක් ලබාගෙන සිටියේය.

අබාධයක් හේතුවෙන් සිය ඉනිම නවතන විට තමීම් ඉක්බාල් ලකුණු 133ක් ලබාගෙන සිටියේය.

මහමුදුල් හසන් ජෝයි ලකුණු 58යි, මුෂ්ෆික රහීම් නොදැවී ලකුණු 53ක් සහ ලිටන් දාස් නොදැවී ලකුණු 54ක් රැස් කරගෙන සිටියේය.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button