දේශීය

තෙල් නැව් වලට ගෙවූ අමතර ගාස්තු ඩොලර් ලක්ෂ 500ත් පනියි

මෙරටට ගෙනා ඉන්ධන නෞකා සඳහා ඉකුත් මාස හතර හමාරක කාලයේදී ගෙවීමට සිදුවී ඇති ප්‍රමාද ගාස්තු, ද්විත්ව හැරවුම් ගාස්තු ප්‍රමාණය ඇමරිකානු ඩොලර් ලක්ෂ 500 ඉක්මවා ඇතැයි සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසා තිබෙනවා.

කොළඹ වරායේ මේ වනවිටත් ඉන්ධන නෞකා තුනක් නැංගුරම්ලා තිබෙන අතර එම නෞකා සඳහා ද තවත් ඇමරිකානු ඩොලර් ලක්ෂ 40කට ආසන්න ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුව තිබෙන බව ද ඒ මහතා ඳහන් කර තිබෙනවා.

ඉන්දීය ණය යෝජනා ක්‍රමය මත ලබාදුන් ඩොලර් මිලියන 500ක ඉන්ධන තොග ලබා ගැනීමට අමතරව ලංකා ඛනිජ තෙල් සංස්ථා නිලධාරීන් විසින් මෙරටට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා ක්‍ෂණික මිලදී ගැනීම් යටතේ ඉන්ධන ඇණවුම් කළත් ඊට අදාළව ණයවර ලිපි නිකුත් කිරීම පමාවීම නිසා නිරපරාදේ මෙලෙස ප්‍රමාද ගාස්තු ගෙවන්නට සිදුවී ඇතැයි ද ආනන්ද පාලිත මහතා ප්‍රකාශ කර තිබෙනවා.

මෙරටට අවශ්‍ය ඉන්ධන ලබාදීමට ඉන්දීය ණය පහසුකම යටතේ එකඟතාවකට පැමිණ තිබියදී මේ ආකාරයට ප්‍රමාද ගාස්තු ගෙවමින් ක්‍ෂණික මිලදී ගැනීම් කරන්නේ කොමිස් ලබා ගැනීමට බව ද ඒ මහතා පවසා තිබෙනවා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button