දේශීය

ලිට්‍රෝ ගෑස් බෙදාහැරීම කල් යයි

ගෘහස්ථ ගෑස් සාමාන්‍ය පරිදි බෙදාහැරිමේ කටයුතු තව දින තුනක් පමණ ප්‍රමාද වන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසා තිබෙනවා.

අයහපත් කාලගුණ තත්ත්වයත් සමග මුහුද රළු ස්වභාවය හේතුවෙන් මෙරටට පැමිණි නෞකාවේ ගෑස් ගොඩබෑමට නොහැකි වීම හේතුවෙන් එම ප්‍රමාදය සිදුවන බව එම සමාගමේ සභාපති විජිත හේරත් මහතා පැවසුවේය.

කෙසේවෙතත් එම නෞකාව කොළඹ වරායට ගෙන ඒමට තීරණය කර ඇති අතර එහිදී නෞකාවේ ගෑස් බවුසර් රථ මගින් ගොඩබෑම සිදුකරන බව සභාපතිවරයා සඳහන් කළේය.

එම හේතුවෙන් සැලසුම් කළ පරිදි දෛනිකව ගෑස් බෙදාහැරිමේ කටයුතු සිදුකිරීමට අපහසු තත්ත්වයක් පවතින අතර ගෑස් ලබාගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙස ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button