දේශීය

තිරිඟු පිටි ඉහළ යාමෙන් බේකරි හිමියෝ දැඩි අර්බුදයක

තිරිඟු පිටි සමාගම් දිගින් දිගටම පිටි මිල ඉහළ නැංවීම හේතුවෙන් බේකරි නිෂ්පාදන කර්මාන්තය කරගෙන යෑමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන ඊයේ (17) මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කර තිබුනා.

ඔහු කියා සිටියේ සෙරන්ඩිබ් පිටි සමාගම තිරිඟු පිටි කිලෝවක් රුපියල් 35 කින් යළි ඉහළ නංවා ඇති අතර අවසන්වරට ප්‍රීමා සමාගම පිටි කිලෝවක් රුපියල් 40 කින් සහ සෙරන්ඩිබ් සමාගම පිටි කිලෝවක් රුපියල් 35 කින් ඉහළ නංවනු ලැබුවේ පසුගිය මාර්තු මස 01 වැනිදායී.

තවද, ගෑස් සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් බේකරි නිෂ්පාදන කර්මාන්තයට මතුව ඇති බාධා ඉවත් කිරීමට කටයුතු නොකරන්නේ නම් ලබන සතියේ සිට සියලුම බේකරි නිෂ්පාදන කටයුතුවලින් ඉවත්වන බවද සභාපතිවරයා සඳහන් කර ඇත.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button