ක්‍රීඩා

තත්පර 46න් නිමවූ ඔලිම්පික් කාන්තා බොක්සිං තරඟය

2024 ඔලිම්පික් ක්‍රීඩා උළේලේ කාන්තා බොක්සිං තරඟාවලියක් අතරතුර හට ගත් සිදුවීමක් මේ දිනවල දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.

ඒ, ඊයේ දින පැවැත්වුණු පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කාන්තා බොක්සිං ඉසව්වේ අවසන් 16 දෙනාගේ වටය අතරතුර ක්‍රීඩිකාවක් සිය ප්‍රතිවාදී ක්‍රීඩිකාව සමඟ තරඟයේ නියැලීම ප්‍රතික්ෂේප කර තිබීම හේතුවෙන්.

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ 6වන දිනය වූ ඊයේ දිනයේදී බොක්සිං ඉසව්වේ අවසන් 16 දෙනාගේ වටයේ තරඟය​ක් පැවැත්වුණු අතර ඒ ඉතාලි බොක්සිං ක්‍රීඩිකා ඇන්ජෙලා කරීනි සහ ඇල්ජීරියාවේ ඉමානේ කලීෆ් අතරයි.

කලීෆ් සමග ඇන්ජෙලා කරීනි අතර තරගය පැවැත්වූයේ තප්පර 46ක් වැනි කෙටි කාලයක් පමණයි.

කලීෆ් යනු උපතින්ම ශරීරයේ ටෙස්ටෙස්ටරෝන් මට්ටම වැඩි කාන්තාවක්.

ඇල්ජීරියානු බොක්සිං ක්‍රීඩිකා ඉමානේ කලීෆ් සමඟ තරඟ බිමට පිවිසුණු ඉතාලි බොක්සිං ක්‍රීඩිකා ඇන්ජෙලා කරීනි එම තරඟය ආරම්භ වී තත්පර 46 ක් පමණක් ගෙවී තිබියදී තමාට තවදුරටත් තරඟ කිරීමට නොහැකි බව පවසමින් බොක්සිං වළල්ල මත දණින් වැටී හඬමින් එම තරඟයෙන් ඉවත්ව තිබුණා.

තරඟය ආරම්භ වීමෙන් පසුව ඉමානේ කලීෆ් කරීනිගෙ නිකට ප්‍රදේශයට එල්ල කළ පළමු පහරින්ම ඇගේ නිකට ආවරණය ගැලවී ගොස් තිබුණු අතර දෙවන පහරින් අනතුරුව ඇයගේ නිකටින් ලේ වැගිරී ගොස් තිබෙනවා.

කලීෆ් විසින් එල්ල කරන ලද තවත් පහර කිහිපයකින් පසුව කරීනි බොක්සිං වළලේ කෙළවරකට පැමිණ තවදුරටත් තමා තරඟ නොකරන බව පවසා හඬා වැටී තිබුණා.

එමෙන්ම, අනතුරුව ඇල්ජීරියානු ක්‍රීඩිකා ඉමානේ කලීෆ් එම තරඟයේ ජයග්‍රාහිකාව බවට නිවේදනය කිරීමෙන් පසුව කරීනි ඇයට අතට අද දීම ප වා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

තරගයෙන් පසු කරීනි සඳහන් කළේ, “මම කවදාවත් ඒ වගේ පහරවල් වලට මුහුණ දීලා නෑ. මේ සිදුවීම ඔලිම්පික් විනිසුරු මඩුල්ලට භාරයි. මගේ ජීවිතය බේරාගැනීමට අවශ්‍ය බැවින් මම ඔලිම්පික් තරගය නතර කළා.”යනුවෙනි.

මේ සමග කලීෆ් කාන්තා අංශය නියෝජනය කරමින් බොක්සිං ඉසව්ව නියෝජනය කිරීම සම්බන්ධයෙන් මුළු ලෝකයේම කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

ස්ත්‍රී පුරුෂ භාවය තහවුරු කිරීම සඳහා සිදු කරන ලද ටෙස්ටෙස්ටරෝන් පරීක්ෂණ අසමත් වීම හේතුවෙන් පසුගිය වසරේ පැවති ලෝක ශූරතාව තරගාවලියෙන්ද කලීෆ්ව ඉවත් කර තිබුණා.

මෙම සිද්ධිය සමඟින් ප්‍රසිද්ධ ගත්කතුවරියක් වන ජේ. කේ. රෝලින්ග්, එංගලන්තයේ හිටපු අගමැතිවරියක් ඇතුළු බොහෝ පිරිසක් කලීෆ් කාන්තා අංශය නියෝජනය කිරීම සම්බන්ධයෙන් එක්ස් පණිවිඩ නිකුත් කරමින් සිය අප්‍රසාදය ප්‍රකාශ කර තිබුණා.

නමුත් ඉමානේ සංක්‍රාන්තික ලිංගිකයෙක් නොව, ඇයගේ ශරීරයේ ටෙස්ටෙස්ටරෝන් ප්‍රමාණය ඉහළ මට්ටමක පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ සම්බන්ධයෙන් ඉමානේ කලීෆ් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම විශේෂත්වයක්.

අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබු කලීෆ්, එම වටයේදී හංගේරියා ක්‍රීඩිකාවක් සමග තරග වැදීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button