විදෙස්

ස්වීඩනය සහ ෆින්ලන්තය ගත් තීරණයට ඇමරිකාවේ පූර්ණ සහය – බයිඩන් කියයි

නේටෝ සාමාජිකත්වය සඳහා අයදුම් කිරීමට ගත් තීරණයේදී ස්වීඩනය සහ ෆින්ලන්තය එක්සත් ජනපදයේ පූර්ණ සහය ලැබෙන බව ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබෙනවා.

යුරෝපීය දේශපාලනයේ ප්‍රධාන පෙරළියක් සනිටුහන් කරමින් රටවල් දෙකම බටහිර ආරක්ෂක සන්ධානයේ කොටසක් වීමට මේ සතියේ සිය අයදුම්පත් ඉදිරිපත් කර තිබෙනවා.

නේටෝ සාමාජිකත්වය හිමි වීමට නම්, දෙරටටම නේටෝ සාමාජික රටවල් 30 සහාය අවශ්‍ය වේ.

නමුත් නෝර්ඩික් ජාතීන්ගේ මෙම පියවරට තුර්කිය විරුද්ධ වී ඇත.

නව සාමාජිකයින් නේටෝවට සම්බන්ධ වීම කිසිදු රටකට තර්ජනයක් නොවන බව ජෝ බයිඩන් පවසා තිබෙනවා. “ඉහළ උතුරේ” නව සාමාජිකයින් දෙදෙනෙකු සිටීම “අපගේ මිත්‍ර පාක්ෂිකයින්ගේ ආරක්ෂාව වැඩි දියුණු කරන අතර අපගේ ආරක්ෂක සහයෝගීතාව මණ්ඩලය හරහා දියුණු වනු ඇති” බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

රුසියාව නැවත නැවතත් පවසා ඇත්තේ තමන් නේටෝව තර්ජනයක් ලෙස සලකන අතර එහි ව්‍යාප්ති සැලසුම් සමඟ ඉදිරියට ගියහොත් ලැබෙන “ප්‍රතිවිපාක” ගැන අනතුරු අඟවා ඇත.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button