විදෙස්
අමෙරිකාවෙත් mpox වෛරසය හමුවෙයි

ගෝලීය වසංගතයක් බවට නම්කර ඇති mpox හෙවත් වඳුරු උණ වෛරසය අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්ෆ්‍රැන්සිස්කෝ නගරයෙන් සොයාගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ එම ප්‍රාන්තවල අපජලය ලබාගෙන සිදුකළ සාම්පල පරීක්ෂණයක දී මෙම වෛරසය සොයාගෙන ඇති බවයි.
වඳුරු උණ වැළඳුණු රෝගියෙකු ඊයේ (15) ස්වීඩනයෙන් වාර්තා වූ අතර, අප්‍රිකානු මහද්වීපය පුරා පැතිර යන මෙම වෛරසය වැළඳුණු රෝගියෙකු ඉන් පිටත හමු වූ පළමු අවස්ථාව මෙයයි.
මෙම වෛරසය වැළඳීමෙන් අප්‍රිකානු මහද්වීපයේ පුද්ගලයින් 450 දෙනෙකු මේවන විට ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.