පසුගිය වසර දෙක තුළ රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරිත්වයට හිතකර පරිසරයක් ගොඩනැගිලා

පසුගිය වසර දෙක තුළ රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරිත්වයට හිතකර පරිසරයක් ගොඩනැගිලා-
ආසියානු සමාජ සේවා ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීත්වයේ ප්‍රශස්ත බව මැන බැලෙන Doing Good Index – 2024 වර්ෂයට අදාළ ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියට ඒමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා.
රාජ්‍ය නොවන සංවිධාන, එසේත් නොමැති නම් NGO ක්ෂේත්‍රයේ 2022 වසර වන විට අත් කරගෙන තිබූ කළු පැල්ලමෙන් මිදී ඉදිරියට ඒමට 2024 වසර වන විට සමත්ව තිබෙනවා.
ඒ අනුව Doing Good Index – 2024 ශ්‍රේණිගත කිරීම් අනුව Doing Okay කාණ්ඩයට ඇතුළත් වීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇති.
පසුගිය වසර 2 ක කාලය තුල සිදු කෙරුණු බොහෝ ප්‍රතිසංස්කරණ නිසා රාජ්‍ය නොවන සංවිධාන ක්ෂේත්‍රය දර්ශක වල ශ්‍රී ලංකාව ඉදිරියට ඒමට හැකිවූ බව කිත්මිණ විතානගේ මහතා ඊයේ දින ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති අධ්‍යයන කේන්ද්‍රයේදී DGI වාර්තාව එළිදැක්වීමේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටියා.
ඔහු සඳහන් කළේ, මේ සදහා රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ වර්තමාන කළමනාකාරීත්වය විසින් හඳුන්වා දෙන ලද නව චක්‍රලේඛ මගින් නියාමන කොන්දේසි වඩා අර්ථාන්විතව විග්‍රහ කර තිබීමත්, රාජ්‍ය නොවන සංවිධාන ජාතික ලේකම් කාර්යාලය ඩිජිටල්කරණයට අවශ්‍ය මූලික වැඩකටයුතු සිදුකර තිබීමත්, රාජ්‍ය නොවන සංවිධානවල වගවීම හා අධීක්ෂණ ක්‍රියාවලිය වැඩිදියුණු කර තිබීම මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන දෙස රජයේ සුබවාදී ආකල්පයද හේතු වූ බවයි.
වසර දෙකෙන් දෙකට මැන බලන මෙම දර්ශකයේ සිංගප්පූරුව හා චීන, තායිපේ රටවල් අයත් වන Doing well කාණ්ඩයට 2026 වසර වන විට ඇතුලත් වීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ මේ වන විටත් සිදුකර ඇති බව රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජීව විමල ගුණරත්න මහතා ඊයේ දින පැවති විද්වත් මණ්ඩල සාකච්ඡාවේදී පැවසුවා.
එම විද්වත් මංඩල සාකච්ඡාව සඳහා ආචාර්ය නදී දිසානායක (Founder of CUPSL), dialog ආසියාටා සමාගමේ ජේෂ්ඨ කළමනාකරු අසිත් සිල්වා, නියෝජ්‍ය කොමසාරිස් ජෙනරාල් නන්දන කුමාර මහතා හා සර්වෝදය ජාතික ව්‍යාපාරයේ උපසභාපති නිශාන්ත ප්‍රීතිරාජ් මහතාද එක්ව සිටියා.
කාම්බෝජය,ඉන්දියාව, ඉන්දුනීසියාව,නේපාලය පකිස්ථානය තායිලන්තය හා වියට්නාමය යන රටවල් ද මෙම කාණ්ඩයට ඇතුළත් අතර, 2022 වර්ෂයේ මෙම දර්ශකයට අනුව ශ්‍රී ලංකාව ඇතුළත් වූයේ Not Doing Enough කාණ්ඩයට වන අතර බංග්ලාදේශය තවදුරටත් එම කාණ්ඩයට ඇතුලත්ව සිටිනවා.