විදෙස්
තුර්කි පාර්ලිමේන්තුවේ ගුටි බැට හුවමාරුවක්

විපක්ෂ මන්ත්‍රීවරයෙකු කළ ප්‍රකාශකින් කෝප වූ පාලක AK පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ඔහුට පහර දීමත් සමග තුර්කි පාර්ලිමේන්තු සභිකයින් අතර පාර්ලිමේන්තුව තුළදීම ගුටි බැට හුවමාරුවක් සිදු වී තිබෙනවා.
ආණ්ඩුව පෙරළා දැමීමට උත්සාහ කිරීමේ චෝදනාව මත වසර 18ක සිරදඬුවම් නියමව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට නැවතත් පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩදිය යුතු බවට විපක්ෂ මන්ත්‍රීවරයෙකු ඉල්ලීම් කිරීමත් සමග මෙම ගැටුම හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
සිරදඬුවම් නියමව සිටින පුද්ගලයා සිරගතව සිටියදීම පසුගිය වසරේ පැවති මැතිවරණයට ඉදිරිපත් වී ජය ගැනීමටත් සමත් වී ඇති බවද එරට මාධ්‍ය වාර්තා කළා.
කෙසේ නමුත් විදෙස් මාධ්‍ය පවසන්නේ ගැටුම හේතුවෙන් පාර්ලිමේන්තුව තුළ ලේ වැගිරී ගිය බවයි.